මේගන් කුමරිය ගැබ් ගනීයි – වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මේගන් මාකල් කුමරියගේ ගර්භනීභාවය ප්‍රථම වතාවට නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

මොවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාව,ෆී ජි, ටො0ගා සහ නවසීලන්තය යන රටවල දින 16 ක නිල සංචාරයක යෙදීමට නියමිතය.

කෙසේ නමුත් හැරී කුමරු සහ මේගන් මර්කල් කුමරියට ෆී ජී සහ ටොංගා රාජ්‍යවල සංචාරය නොකරන ලෙස වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙයට හේතුව වී ඇත්තේ සීකා වෛරසය මෙම රටවල පැතිර යාමයි. රෝග මර්දන මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ ගර්භනී කාන්තාවන් මෙම රටවල සංචාරය කිරීම අනතුරුදායක වන බවයි.

කෙසේ නමුත් හැරී කුමරු සහ මේගන් කුමරිය ෆී ජි සහ ටොංගා දූපත්වල සීකා වෛරසය පිළිබඳ අවශ්‍ය වෛද්‍ය උපදසේ ලබා ගෙන ඇති බවත් ඒ අනුව සිය සංචාරය සුපුරුදු ලෙස සිදුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *