(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා අද(17) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකිය.
මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වල ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ද ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි හටගත හැකියි.
අකුණු අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.