තෙබුවන පොලිස් සැරයන්ව යළි සේවයේ පිහිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දිනක කළුතර තෙබුවන නගරයේදී ගිනි අවියක් සහිතව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාගේ සේවය යළි පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඊයේ (16) කටයුතු කර ඇත.

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද හමුවිය.

පොලිස් සැරයන්වරයා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාට රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *