වී අලෙවි මණ්ඩලයෙන් ලබන මාසයේ සිට වෙළෙදපොලට සහල්

(කොළඹ, ලංකාපුවත්) –පාරිභෝගිකයන්ට සහන සැලසීම සදහා ලබන මාසයේ සිට වෙළෙද පොලට සහල් නිකුත් කරන බව වී අලෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළේය.

පී එම් බී රයිස් යන වෙළෙද නාමය යටතේ කිලෝග‍්‍රෑම් 05 සහ 10 ඇසුරුම් සතොස ඇතුලු වෙළෙදසැල් වෙත නිකුත් කිරීම සැලැස්ම වේ.

වෙළෙද පොල සහල් මිල ඉහල යාම පාලනයට ද මෙමගින් හැකිවන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය.

මේ අතර සහල් සම්බන්ධයෙන් පාලන මිලක් පැනවීමට ද රජයේ අවධානය යොමුව තිබේ. ප‍්‍රසිද්ධ සහල් සැකසුම් ව්‍යාපාරිකයන් සමඟ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේය. වෙළෙද පොලට සපයන සහල්වලින් කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 10 බැගින් අඩුකිරිමට එහිදී ඔවුන් එකඟත්වය පළකරන ලදි.

ඒ අනුව ලබන වසරේ සිට සහල් සදහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය යොමුව තිබේ. ජීවන වියදම් කමිටුවට ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කරන බව අමාත්‍යාංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *