(කොළඹ, ලංකාපුවත්) –තායිවානයේ දුම්රියක් පීලි පැනීමකින් සිදුවූ අනතුරෙන් මගීන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තායිවානයේ යිලාන් ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත්තේ ඊයේ(21) සවස් කාලයේ දී ය.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 366 දෙනෙකු ගමන් කරමින් සිට ඇතැයි සදහන් වේ. ඉන් පුද්ගලයන් 187 දෙනෙකු තුවාල ලබා තිබේ.
දුම්රිය තායිපේ සිට ටයිටුන් නගරය දක්වායි ගමන් කරමින් තිබුණු එකකි. වසර 27කට පසුව තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බව ද වාර්තාවේ.
මිය ගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙක් ද සිටින බව සදහන් වේ.