මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරේ.

මෙම පාලම ඉදිකර ඇත්තේ හොංකොං සහ චීනය යා කරමින් ය. එහි දිග කිලෝමීටර් 55කි.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දෙරට අතර ගමනාගමනයට මීට පෙර ගතවූ පැය 03ක කාලය පාලම ඉදිකිරීම හේතුවෙන් විනාඩි 30කට අඩු වනු ඇති බව සදහන් වේ.

කෙසේ නමුත් මෙහි ගමන් කිරීමට පෞද්ගලික මෝටර් රථ සදහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතුව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =