කළුතර නල ජලයට ලුණු මිශ‍්‍රවීමේ ගැටළුව අදින් නිමයි

(කොළඹ, ලංකාපුවත්) – කළුතර ලුණු වතුරට විසදුම් ලබාදෙන අළුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය අද (22) ජනතා අයිතියට පත්කරන බව ජල සම්පාදන අමාත්‍යංශය සදහන් කළේය.

පානීය ජලයට ලවණ මිශ‍්‍රවීම කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව වියළි කාලවලදී මුහුණදෙන ප‍්‍රධාන ගැටළුවකි. ඒ අනූව කළුතර, බේරුවල, දොඩංගොඩ, මතුගම, අගලවත්ත සහ මදුරාවල යන ප‍්‍රදේශවල පන් ලකෂ් හැත්තෑ තුන් දහසකට වැඩි පිරිසකට ව්‍යාපෘතියෙන් ප‍්‍රතිලාභ හිමිවේ.

වසර ගණනාවකින් පානීය ජල පහසුකම් නොලැබුණු ජනතාවට ද ඉන් සෙත සැලසෙන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

ධාරිතාව දිනකට ඝණ මීටර් දහතුන් දහස් පන්සියයක් වන නව ජල පිරිපහදුවක් කෙත්හේන පවිත‍්‍රාගාරයට සම්බන්ධව ඉදිකර තිබේ. දැනට පවතින ජල පිරිපහදුව දිනකට ඝණ මීටර් දාහතර හතර දහසක් පිරිපහදු කළ හැකි වන පරිදි නවීකරණය ද මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය.

සමස්ථ ව්‍යාපෘතිය 2020 වසර වන විට නිම කිරිමටයි සැලසුම් කර ඇත.

මේ සදහා රුපියල් මිලියන තිස් දෙදහස් දෙසිය හැත්තෑ අටක් වැයකරන බව අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *