නාලක ද සිල්වා තෙවන වරටත් අද CIDයට එයි

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (22) නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තුන්වන වරටත් පෙනී සිටීමට නියමිතව ඇත.

අවසන් වරට ඔහු පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පනී සිටි අතර එහිදී පැය 09 කට වැඩි කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව මොහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *