නුවරඑළියට නායයෑම් අනතුරු ඇගවිම්

(කොළඹ, ලංකාපුවත්) – පවතින වැසි කාලගුණ තත්ත්වයත් මත ඊයේ (21) රාත්‍රි 10.30 සිට ඉදිරි පැය 24 සදහා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කිරිමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර ඇත.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ඉක්ම වූ වාර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර මේ හේතුවෙන් නායයාම්, බැවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොලොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර තිබේ.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඊයේ (21) රාත‍්‍රියේ වැසි ඇද හැලී තිබුණි. අද (22) දිනයේ ද සවස 02.00න් පසුව වැසි තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඇතැම් ප‍්‍රදේශවලට උදෑසන කාලයේ ද වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින කාලගුණික තත්වය හමුවේ ධීවර සහ නාවික ප‍්‍රජාව ද අවධානයෙන් කටයුතු කළ යුතු බව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *