පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු ව්‍යාප්ත කරන අවදානම් තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා පැවැති ජාතික මදුරු මර්දන සතියේ දී පරික්‍ෂා කළ පාසල් 3411ක් අතරින් සියයට 60කම මදුරුවන් බෝවිය හැකි ස්ථාන හමුවූ බවත් ඉන් සියයට 14ක මදුරු කීටයන් සහිත පරිශ්‍ර වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

සැප්තැම්බර් හස 23වනදා සිට ඔක්තෝබර් 02වනදා දක්වා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මදුරු මර්දන සතිය දියත් කෙරුණි. මෙම වැඩසටහනේ දී පරිශ්‍ර 350,037ක් පරික්‍සාවට ලක් කර ඇත.

මෙහිදී ඉදිකිරීම් පරිශ්‍ර 5931ක් පරික්‍ෂා කර ඇති අතර ඉන් සියයට 64ක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හමුව ඇත. පරිශ්‍ර සියයට 10ක මදුරු කීටයන් ද හමුවී තිබේ.

විශේෂයෙන් පාසල් හා ඉදිකිරීම් පරිශ්‍රවල පවතින ඉතා අවදානම් සහිත තත්ත්වය අවම කර ගැනීම සදහා අධ්‍යාපන බලධාරීන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිලධාරීන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව පවසය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, පාසල් පරිශ්‍ර තුළ ගුරුවරුන්, දරුවන් හා මවුපියන් සතියකට වරක් එක්වී විනාඩි 30ක් සිය පාසලේ මදුරුවන් බොවිය හැකි ස්ථාන ඇත්දැයි සොයා බලා හ්වා ඉවත් කිරීම කළ යුතු බව අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *