පාසල් පැවැත්වෙන කාලයේ ටියුෂන් පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

(කොළඹ, ලංකාපුවත්) –5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක‍්‍රමවේදය කඩිනමින් වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

‘ළඟ ම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය මගින් ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට කටයුතු කරන අතර ඇතුළත් වීමේ විභාගය යළිත් පැවැත්වීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේය.

එමගින් තරගකාරීත්වය නැති කරන බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

පාසල් පැවැත්වෙන කාලය තුළ පුද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *