මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ දුම්රිය පීලි පනී

(කොළඹ, ලංකාපුවත්) –මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් පීළි පැනීමට ලක්ව තිබේ.

මොරගොල්ලාගම කෝනවැව ප‍්‍රදේශයේදී මෙලෙස දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පැවසීය.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය මහවට පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය‍.

එසේම අදාළ දුම්රිය පිළිගත කිරිමේ කටයුතු මෙ වන විට සිදු කෙරෙමින් පවතින බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *