සුව සැරිය පුත්තලමට

(කොළඹ, ලංකාපුවත්) –‘සුව සැරිය’ 1990 ගිලන් රථ සේවය, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදා වෙයි.

ඒ අනුව වයඹ පළාතට ගිලන් රථ 31ක් ලබාදෙන අතර හලාවතට ගිලන් රථ 13 සහ කුලියාපිටියට ගිලන් රථ 18ක් ලබා දීමට කටයුතු කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක් ද සුවසරිය ගිලන්රථ සේවාවේ දී හිමි වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ දක්වා 1990ට ලද දුරකතන ඇමතුම් සංඛ්‍යාව 699,979කට ක්ෂණික ප්‍රතිචාර දක්වා, 115,641 වතාවක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.54 වැනි සාමාන්‍ය කාලයක දී රෝගීන් වෙත ළඟා වෙමින් හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 104,203 ක් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *