උතුරු-නැ‍ගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31ට පෙර

(කොළඹ, ලංකාපුවත්) –උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් එහි මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීමේ වැඩපිළිවෙළ මෙම දෙසැම්බර් 31 වන දාට පෙර අවසන් කිරීමට මැදිහත්වී කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දෙයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ 2018 වර්ෂයේ පළාත් සභාවල කාර්ය භාරය සහ ප‍්‍රගතිය පිළිබඳ ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු සහ පළාත් ප‍්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප‍්‍රගතිය, පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ජනාධිපතිතුමා මෙහිදී පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේ ග‍්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා තම පූර්ණ දායකත්වය ලබා දෙන ලෙසයි.

දිළිඳුකම පිටුදැකීම උදෙසා කි‍්‍රයාත්මක ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග‍්‍රාමශක්ති ජාතික වැඩසටහනේ අරමුණු නිසි ලෙස ඉටු කර ගැනීම සඳහා සියලුදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

වැව් 2400ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළේ ප‍්‍රගතිය මෙන්ම වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම ප‍්‍රදේශවල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් පළමු වතාවට ඔවුන්ට ස්ථීර ඉඩම් ඔප්පු ලබාදීමටත්, නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීමටත් ජනාධිපතිතුමා සිදු කරන මැදිහත්වීම පිළිබඳ මෙහිදී වතු ජනතාව වෙනුවෙන් අමාත්‍ය පී. දිගම්බරම් මහතා ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *