රට පුරා LED බල්බ දස ලක්ෂයක් බෙදීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ලබන මාසයේ දී රට පුරා එල් ඊ ඩී බල්බ දස ලක්ෂයක් බෙදාහරින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සදහන් කරයි.

මාසික විදුලි පරිභෝජනය ඒකක අනූවකට වඩා අඩු තෝරාගත් නිවාස සඳහා එල් ඊ ඩී බල්බ ලබා දෙන බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් සේපාල මහතා පැවසීය.

මෙගාවොට් 300 ක විදුලිබල ඉල්ලුමක් අඩුකර ගැනීම අපේක්ෂාව බව රංජිත් සේපාල මහතා කියා සිටියේය. වැඩිම විදුලි ඉල්ලුමක් ඇති කාලය තුළ එය අඩුකර ගැනීමේ ආර්ථික වාසි රැසක් සැලසෙන බව ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *