ශ්‍රී ලංකාව ලොව සංචාරක ලැයිස්තුවේ ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ලොව ඉමහත් පිළිගැනීමක් ඇති ‘ලෝනිලි ප්ලැනට්‘(Lonely Planet) නැමැති සංචාරක ගමනාගමන පොත් ප්‍රකාශනයේ ඉහළම සංචාරක ගමනාන්ත හිමි රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

2019 වසරට අදාළ සුප්‍රසිද්ධ වාර්ෂික මඟපෙන්වීම් යටතේ දකුණු ආසියාවේ පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර ඇති අතර පිළිවෙලින් දෙවන සහ තෙවැනි ස්ථාන හිමි කරගෙන ඇත්තේ ජර්මනිය සහ සිම්බාබ්වේ රටවල් ය.

සංචාරක ගමනාන්ත ලැයිස්තුවට ලොව රටවල් 10ක් ඇතුලත් වේ. ඒ අනුව සෙස සංචාරක ගමනාන්නත ලෙස ඉහළ තැනක් ලබා ඇත්තේ පැනමා, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරාසියාව, සඕ ටෝම්, ප්‍රින්සිපි සහ බෙලිස් වේ.

ශ්‍රී ලංකාව පිළිබඳ මෙහිදී හදුන්වා දී ඇත්තේ සිවිල් යුද සමයක අදුරු කාලපරිච්ඡේදයකින් පසු ශ්‍රී ලංකාව යළිත් මිත්‍රශීලී ස්ථානයක් බවට ප්‍රවේශ වී ඇති බවය. මෙම ආකර්ශනීය දිවයින තුල සාරවත් දේශගුණයක් සහ වනජීවී සම්පතක් පවතී. එසේම දියුණු කර ඇති සංචාරක යටිතල සහ ප්‍රවාහන පහසුකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ද සංචාරය කිරීමට පහසු වී ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය මෙන්ම ආයුර්වේද සනීපාරක්‍සව ද එහිදී අත්විදිය හැකි බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *