ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී CID අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශනය සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

සෝනි රුපවාහිනි සේවය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදිය යුතු අමෙරිකානු ඩොලර් 187,084 ක් සිය පෞද්ගලික ගිණුමකට බැර කරන මෙන් මෙම පුද්ගලයා විසින් ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකින් පසුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *