ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල්වල දැනට භාවිත කරන ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙම ක්‍රමවේදය මගින් රෝග මුල් අවස්ථාවේ දීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹිය හැකිය.
ඒ අනුව රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50ක් ඩිජිටල් විකරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට හා ජංගම ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර 25 ක් ලබාගැනීට රජය තීරණය කර තිබේ.

බෙල්ජියමේ FINEXPO ​සහන මුල්‍ය ක්‍රමය යටතේ ලැබෙන අරමුදල් භාවිත කරමින් ඉහළ තත්ත්වයේ තාක්ෂණයෙන් යුත් ඩිජිටල් විකිරණ පරීක්ෂණ පද්ධතියක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *