නියගයෙන් පීඩාවට පත් පුත්තලමේ පවුල් වෙත විශේෂ සහන මල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව හා නවගත්තේගම යන ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශවල නියගයේ පීඩාවට ගොදුරු වූ පවුල් වෙත සහන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් පසුගියදා කි‍්‍රයාවට නැගිණ.

ඒ අනුව පවුල් 5000 ක් වෙත සහන ලබා දීම සිදුවිය. එහිදී රුපියල් 5000 ක් වටිනා වියළි ආහාර ඇතුළු භාණ්ඩ ඇතුලත් කිලෝග‍්‍රෑම් 50 බැගින් වූ සහන මල්ලක් සෑම පවුලක් වෙතම ලබා දීමට පියවර ගෙන තිබිණ. මෙලෙස ලබා දුන් සහනවල සමස්ථ වටිනාකම රුපියල් ලක්‍ෂ 250 ට ආසන්නය.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ප‍්‍රතිපාදන මත මෙම ආධාර ලබාදීමේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක විය. වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ නියගයෙන් පීඩාවට පත්වූ හා වර්ෂාවෙන් හානි සිදුවූ පුත්තමේ සෑම පවුලක් වෙතම අදාල සහන ලබා දීමේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *