(කොළඹ, ලංකාපුවත්) – අපොස උසස් පෙළ පන්ති ඇති පාසල් තුන්දහසකට ඉදිරියේ දී කැඩෙට් පුහුණුව ව්‍යාප්ත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එය වෘත්තීය සුදුසුකමක් බවට පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
ශ්‍රි ලංකා ජාතික ශිෂ්‍ය භට බලකායේ හර්මන් ලුස් කුසලාන විසිර යාමේ උත්සවයට සහභාගිවීම සදහා දිවයිනට පැමිණ සිටින දකුණු ආසියා රටවල කැඩේට් නිලධාරින් හා ශිෂ්‍ය භටයන් මුණගැසුණු අවස්ථාවේදි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය. අරලියගහ මන්දිරයේදී හමුව සිදු විය.
එහිදී අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.
“කැඩෙට් පුහුණුව මගින් නවීන සමාජයට පිවිසීම සදහා පළපුරුද්ද හා හැකියාව ලබාදෙනවා. අපේ රටේ පමණක් නෙවෙයි කලාපීය රටවල කැඩෙට් කණ්ඩායම් අතරත් සම්බන්ධයක් ගොඩනැගිය යුතුයි. කලාපීය වශයෙන් ගත් විට ශිෂ්‍යභට කණ්ඩායම්වලට විශේෂ කාර්ය භාරයක් ඉටු කිරීමට තිබෙනවා. හොඳ කැඩෙට් කණ්ඩායමක් ගොඩනගනවා කියන්නේ ජාතියට කරන සේවාවක්.“
ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම් එම් එස් පෙරේරා ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. විදේශ රටවල කැඩේට් නිලධාරින් සහ ශිෂ්‍ය භට බාලක බාලිකාවන් ද මෙම හමුවට එක්ව සිටියේය. ඔවුන් සමග සුහද කතාබහක යෙදුනු අග්‍රාමාත්‍යවරයා ඡායාරූපවලට ද පෙනි සිටියේය. විදෙස් රටවලින් පැමිණි කැඩෙට් නිලධාරින් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු සිහිවටනයක් පිරිනැමීය.