බටහිර ග්‍රීසියට ප්‍රබල භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ග්‍රීසියේ අයෝනියන් මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක අගයකින් යුත් ප්‍රභල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි.

එම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇති බව සදහන් වේ.

සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන තිබෙන සැක්යන්ටොස් දුපතට ආසන්නයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බව වාර්තා වේ.

ඒකක 6.8 ක ප්‍රබල භූමිකම්පාව සිදුවී සුළු මොහොතකට පසු ඒකක 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් ද ග්‍රීසියේ සිදුව ඇත.

මෙම භූකම්පන හේතුවෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල වාර්තාවක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *