හෙරොයින් ගුලි ගිල්ල පාකිස්ථාන යුවල අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – හෙරොයින් ගිල දිවයිනට පැමිණි පාකිස්තාන ජාතික පුද්ගලයෙක් හා කාන්තාවක් ඊයේ (25) පස්වරුවේ දී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් පැමිණීමේ පර්යන්තයේ දී පරික්‍ෂා කිරීමේ දී ඔවුන් හෙරොයින් අඩංගු ගුලි ගිල පැමිණ ඇති බවට කරණු අනාවරණය කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

පසුව මොවුන් අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී අදාළ කාන්තාව විසින් ගිලින ලද හෙරොයින් ගුලි 35ක් මේ වන විට පිට කර ඇති අතර සැකකරු හෙරොයින් ගුලි ගිල ඇති බවට ප්‍රකාශ කර ඇති මුත් මේවන තෙක් පිට කර නොමැත.

පිටතට ගත් හෙරොයින් ගුලි 35හි බර ග්‍රෑම් 350ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 42ක් පමණ වේ. අත්අඩංගුවට ගත් කාන්තාව වසය අවුරුදු 67 ක් පමණ වන අතර පිරිමි පුද්ගලයා 44 හැවිරිදි වියෙහි පසුවේ.

සැකකරුවන් අද(26) මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර දින 07ක් රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශව විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *