පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

පොලිස් වසම්වල සාමය ආරක්ෂා කිරීමට අදාළ සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනූව ආරක්ෂාවට අවශ්‍ය පොලිස් මුර ජංගම සංචාර ක්‍රියාත්ම කෙරෙනු ඇත.

සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර නිළධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් තම බලප්‍රදේශය තුළ රැදී සිටිමින් ආරක්ෂක කටයුතු සම්බන්ධව පුද්ගලිකව සොයා බලා සංවිධානය කළ යුතු බව නිවේදනයේ සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *