ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් මුහුදට කඩා වැටේ

(කොළඹ, ලංකාපුවත්) – අද උදෑසන (29) ජකර්තා නුවරින් පිටත් වූ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයක් ජාවා දූපත අසළ මුහුදට පුද්ගලයින් 188 දෙනෙකු සමග කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දුනීසියානු සෙවීමේ සහ මුදා ගැනීමේ නියෝජිත කන්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් ජේ ටී 610 ගුවන් යානය ගමන් ආරම්භ කර මිනිත්තු 13 ක් ගතවූ පසු මෙලෙස කඩා වැටී ඇති බවයි .
මේ බව ගුවන් යානා නිරීක්ෂණ සේවාවක් වන “Flightradar24” හි ද බෝයින් වර්ගයට අයත් 737 MAX 8 ලෙස හදුනාගෙන ඇත.

ගුවන් යානය මීටර් 30 සිට 40 දක්වා ගැඹුරට වැටී ඇතැයි වාර්තා වේ.

මෙම ගුවන් යානය තුළ එක් දරුවෙකු ද ඇතුළුව මගීන් 178 දෙනෙකු සිට ඇති බව සදහන් වේ. එසේම ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05දෙනෙකු ද ගුවන් යානය ගුවන් ගත වන විට සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *