(කොළඹ, ලංකාපුවත්) – ඛණිජ තෙල් නීතීගත සංස්ථා පරිශ‍්‍රය තුළ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළේය.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් හටගැනුනි. එහිදී රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියකු සිදුකළ වෙඩි තැබිමකින් සේවකයන් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලට ය.
එහිදි එක් සේවකයකු මිය ගියේය. අනෙක් දෙදෙනාට බරපතළ බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ක්‍රියාත්මකය. විමර්ශන කටයුතු මෙහෙය වන්නේ දෙමටගොඩ පොලිසිය විසිනි.