රාජ්‍ය මාධ්‍ය ආයතනවල මුල් පුටු මාරුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් පත්කරනු ලැබු තිබේ.

ඒ අනූව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩබලන නව සභාපති ලෙස පත්කර ඇත්තේ, නීතීඥ සරත් කෝන්ගහගේ මහතායි.

ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ස්වාධීන රූපවාහිනී සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩබලන නව සභාපති ලෙසයි පත්කර ඇත්තේ. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව වැඩබලන සභාපති ලෙස පත්කර ඇත්තේ වසන්ත ප්‍රිය රාමනායක මහතායි.

මවුමිමේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මේ අවස්ථාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුව, සංස්ථා ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලයන්ට සාමකාමීව හා සුහදශීලී භාවයෙන් යුතුව තම රාජකාරී ඉටු කර, රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන මෙන් රජය ඉල්ලා සිටී.

යම් ආකාරය විනය විරෝධී හැසිරීමක හෝ කඩාකප්පල්කාරී කටයුත්තක නිරත වන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *