ඉරාකයේ රැකියා සිහින මවා මුදල් වංචා කළ අයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) –ඉරාකයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රඳාවාන ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාක් රටෙහි ඇමරිකා කඳවුරු වල ඉහළ වැටුප් සහිත ආරක්ෂක නිළධාරි රැකියා අවස්ථා ලබා දෙනවා යැයි පැවසූ පුද්ගලයෙකුට අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් 50,000.00 බැගින් පුද්ගලයින් 08 දෙනෙකු මුදලක් ලබාදී ඇති අතර අපේක්ෂිත පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් පුද්ගලයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කරන ලදී. ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබේ.

උපාය දූතයින් යොදවා මෙම විමර්ශනය සිදුකළ අතර එහිදී හෙලි වූ කරුණු අනුව අංක 428/10, විලමුලවත්ත, රඳාවාන ලිපිනයේ පදිංචි පයාගලගේ රෝෂිනී ජෝයි ප්‍රසිඩස් ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී අදාල සැකකරු ලියාපදිංචි බලපත්‍රලාභියෙකු නොවන බවද අනාවරණය විය.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔක්තෝම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ලක්ෂ 05 ක ශරීර ඇප මත නිදහස් කර 2018.11.30 වන දින දක්වා නඩුව කල් දමා ඇත.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි පොලීස් පරීක්ෂක ඩබ්.ඒ.බාලසුරිය මහතා, නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී කුමාරසිංහ මහතා කාර්යාංශ නිළධාරී පුලස්ති රාජපක්ෂ යන නිළධාරීන් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *