උඩවලව වෙඩි හුවමාරුවක්

(කොළඹ, ලංකාපුවත්) – උඩවලව රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත අදාළ සැකකරුවන් විසින් වෙඩි තබා ඇත.

පොලිස් විශෙෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී එක් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අනෙක් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු අතර, ටී 56 වර්ගයේ ගිනි අවියක්ද, එම සජීවී පතරොම් 27ක් හා මුව මස් හා මරණ ලද මුවන් කිහිපදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

පොලිස්පතිතුමාගේ නියමයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *