විස්සයි20 පිතිකරු ලැයිස්තුවේ අංක එක අසාම්ට

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායි නුවර පැවැති විස්සයි 20 තරගාවලියේ දී ලකුණු 68ක්, 45ක් සහ 50ක් බැගින් රැස් කළ පාකිස්තාන පිලේ යොවුන් පිතිකරු බාබර් අසාම් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත්විය.

අසාම්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා තරග 3-0කින් විස්සයි20 තරගාවලිය ජයගැනීමට පාකිස්තානයට හැකිවිය. මේ තරගාවලියට පෙර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි තැන පසුවූ අසාම් එතෙක් පෙරමුණ ගෙන සිටි ඔස්ට්‍රේලියානු පිතිකරු ඒරන් ෆින්ච් දෙවැනි තැනට ඇද දැමුවේය.

විස්සයි20 නවතම ශ්‍රේණිගත කිරීම්වල අනික් පෙරළිකාර සිදුවීම වන්නේ 15 වැනි ස්ථානයේ සිටි එංගලන්ත පිතිකරු ජේසන් රෝයි පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු 36කින් ලකුණු 69ක් රැස් කරමින් 10 වැනි ස්ථානය අත්කර ගැනීමය.

මේ ජයග්‍රහණය සමගින් විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ තව දුරටත් රැක ගැනීමට පාකිස්තානට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *