කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවල විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මි.මී 100ට වඩා වැඩි තද වැසි ඇතිවයි හැකිය.

හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.

එසේම සුළං වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවත්, සුළං වේගය පැයට කිලෝමීටර 70 – 80 ත් දක්වා ඉහළ යා හැකි බවත් සදහන් කෙරේ.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

දිවයිනට වයඹ සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල වර්ධනය වී ඇති ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ ද සක්‍රීයව පවතිනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *