නව තානාපතිවරු සිවුදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සදහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01. Mrs. Alaina Teplitz – Ambassador – designate of the United State of America
02. Mr. Akira Sugiyama – Ambassador – designate of Japan
03. Mr. Eric Lavertu – Ambassador – designate of the Republic of France
04. Mr. Ashraf Haidari – Ambassador – designate of the Islamic Republic of
Afghanistan

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *