පන්දුවක් හිසේ වැදී පැතුම් නිශ්ශංක රෝහල්ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) –එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල අතර දෙදින පුහුණු තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක රෝහල් ගතකළේය.

දෙදින පුහුණු තරගය ඊයේ(31) පැවැත්වුනේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ය.

පැතුම් නිශ්ශංක ෂෝට් ලෙග් පන්දු රකීමින් සිටියදී ජෝස් බට්ලර් එල්ල කළ පහරකින් පන්දුව හිසේ වැදීමෙන් තුවාල ලැබීය. පන්දුව හිසේ වදින අවස්ථාවේදී ඔහු හිස් වැසුමක් පැළඳ සිට ඇත. පන්දුව හිසේ වැදීමත් සමඟ ඔහු ක්ෂණිකව ක්‍රීඩාංගණයේ ඇඳ වැටිණ.

විනාඩි කිහිපයක් තුළ වෛද්‍යවරුන් පැමිණ ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත් පැතුම් නිශ්ශංකගේ තත්වය බරපතල නොවන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *