තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ(04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම නම් පහත පරිදි වේ.

කැබිනට් අමාත්‍යවරු

දිනේෂ් ගුණවර්ධන මහතා – මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

වාසුදේව නානායක්කාර මහතා – ජාතික ඒකාබද්ධතා, සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

ආර්.ඩී. අශෝක ප්‍රියන්ත මහතා- සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *