සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව, සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.

පසුගිය සැපැත්ම්බර් මස සංචාරකයින් එක් ලක්ෂ හතළිස් නවදහසකට අධික පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. එය පසුගිය වසරට සාපේක්ෂව 2.8%ක වර්ධනයකි. එමෙන්ම, ගත වූ මාස 9 ඇතුළත සංචාරකයින් දාහත් ලක්ෂ තිස් එක් දහසකට අධික පිරිසක් පැමිණ තිබේ.

එය පසුගිය වසරට සාපේක්ෂව 11.6ක වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක අමාත්‍යාංශය සදහන් කරනු ලැබේ.

ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය වැනි රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

ආසියා පැසිෆික් කලාපයේ රටවල සංචාරකයින් 47%ක්ද, යුරෝපා රටවලින් 43%ක් ලෙස ද සංචාරකයින් ශ්‍රී ලංකාව සිය සංචාරය සඳහා තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.9ක් මෙරට ආර්ථිකයට දායක වී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *