බත්තරමුල්ල හරහා ගමන් කරන ජනතාවට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු වටරවුමේදී අද (05) පැවැත්වෙන ආණ්ඩුවට සහය දක්වන මහජන උද්ඝෝෂණය හේතුවෙන් ඒ ආශි‍්‍රත ප‍්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 1200ක් පමණ යොදවන බවයි.

ඊට අමතරව ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවීමට තීරණය කර තිබේ.

මේ අතර අදාළ උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම හා ඒ ආශි‍්‍රත මාර්ගවල විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ද කි‍්‍රයාත්මක කෙරේ.

පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ දහවල් 12.00 සිට අදාළ මාර්ගවල රථ වාහන ධාවනය සීමා කරන බවය.

ඒ අනුව කඩුවෙල, අතුරුගිරිය හා මාළඹේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහනවලට කොස්වත්ත හංදියෙන් හෝ බත්තරමුල්ල හංදියෙන් වමට ගමන් කර පාලම් තුන හංදිය හරහා පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ළගා විය හැකියි.

එමෙන්ම කොළඹ සිට මාළඹේ, අතුරුගිරිය හා කඩුවෙල දෙසට ගමන් ගන්නා වාහනවලට ආයුර්වේද වටරවුමෙන් ගමන් කර බුත්ගමුව පාර, අඹගහ හංදිය, කළපළුවාව පාර හරහා කොස්වත්ත හංදියට ගමන් කර අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *