යෞවනයන් 06කගෙන් එක් අයෙකුට දියවැඩියාව

(කොළඹ, ලංකාපුවත්) – යෞවනයන් 06දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා අවදානමේ පසුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව වැලදී ඇතැයි සදහන් වේ. ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා දැඩි අවදානමක පසුවේ. එසේම ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට 07ක් දියවැඩියාව නිසා සිදුවන බවටද අනාවරණය කර ගෙන තිබේ.

දියවැඩියාව ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට ජාතිකව හා අන්තර්ජාතිකව පත්ව තිබේ. දියවැඩියාව ඇතිවීමට හේතු ගණනායකි. ජාතික හා අන්තර්ජාතික වශයෙන් ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් ඇති කිරීමට දියවැඩියාව හේතු වී ඇත.

ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14වනදාට යෙදී තිබේ.

මෙවර එහි තේමාව ‘ දියවැඩියාව සහ පවුල‘ යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *