ශ‍්‍රී ලංකා – එංගලන්තය පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට(12) ආරම්භ වේ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී එය පැවැත්වෙනු ඇත.

දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, සුරංග ලක්මාල් සංචිතයට ඇතුළත් ය. ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා සහ කෞෂාල් සිල්වා ද ටෙස්ට් සංචිතයට ඇතුළත් බව ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ලොව බිහිවූ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැළකෙන රංගන හේරත් පළමු ටෙස්ට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඔහු ශ‍්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදීය. ඒ ඕස්ටේලියාවට එරෙහිවය. මෙතෙක් ඔහු ලබාගෙන තිබෙන ටෙස්ට් කඩුළු සංඛ්‍යාව 415කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *