පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන අයුරු පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

පොලිස් මූලස්ථානයේ අද(07) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා මේ බව පැවසීය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරන බවත් ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

ඊයේ (06) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බව පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *