ට්‍රම්ප් අමෙරිකා නීතිපතිව ධුරයෙන් පහකරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නීතිපතිධුරය දැරූ ජෙෆ් සෙසන්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

පැවරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාව මත මෙම ඉවත් කිරීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉකුත් 2016 ජනාධිපතිවරණයේදී රුසියාව සිදුකළ මැදිහත්වීම පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස ඉටු නොකිරීම මොහුට එරෙහිව එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව බව සදහන් වේ.

එසේම ජෙෆ් සෙසන්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බවද වාර්තාවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙසන්ස් එමගින් සදහන් කර තිබේ.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නීතිපතිවරයාට සිය ස්තූතිය පුද කර තිබුණි.

ජෙෆ් සෙෂන්ස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ මැතිව් විටෙකර් වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *