මාලිගාවත්තේ දී ලක්ෂ 60ක හෙරොයින් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මාලිගාවත්ත – බෙත්තාරාම ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 210ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 60කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 36 හැවිරිදි සුරේෂ් පෙරේරා නමැති සැකකරු මාලිගාවත් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ(07) සවස කොළඹ දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරු අද(08) දින මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *