කැමරුන් රාජ්‍යයේ පැහැරගත් දරුවන්ට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – කැමරූන් රාජ්‍යයේ නේවාසික පාසලකින් බෙදුම්වාදී කණ්ඩායම් පැහැර ගනු ලැබු සිසුන් යලි නිදහස් කර ඇතැයි වාර්තාවේ.

පැහැරගත් පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් 78 දෙනෙකු මේ වනවිට දෙමව්පියන් භාරයට පත් කළ බව කැමරූන් රජය පවසා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

පැහැරගන් ළමයින්ගෙන් කිහිප දෙනෙක් ඝාතනය කර ඇති බවද වාර්තාවේ. ඔවුන්ගේ ශරීරවල කොටස් අලෙවි කිරීමේ අරමුණින් මෙම ළමයින් පැහැර ගත් බව බෙදුම්වාදි කණ්ඩායම් පවසා තිබුණි.

කෙසේ නමුත් අදාළ පාසලේ විදුහල්පතිවරයා හා ගුරුවරයෙක් තවමත් බෙදුම්වාදී කණ්ඩායම් ග්‍රහණයේ සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *