මාවල් වීරයා මියයයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රසිද්ධ මාවල් ලෝකයේ සුපිරි වීර චරිත බිහිකළ ස්ටෙන් ලී මිය ගොස් ඇත. ඔහු මිය යන විට 95වන වියෙහි පසු විය.

ස්ටෙන් ලී විසින් නිර්මාණය කළ මාවල් සුපිරි චරිත අතර ස්පයිඩර් මෑන්, එක්ස්- මෑන්, අයන් මෑන්, තෝර් හා බ්ලැක් ෆැන්තර් ඉහළින්ම සිටි.

ලොස්ඇන්ජලීස් හී වෛද්‍ය මධ්‍යස්ථානයක දී සඳුදා උදෑසන ඔහු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ස්ටෙන් ලී ගේ දියණිය වන නීතීඥ කීරික් ෂෙන්ක් ද සිය පියාගේ අභාවය මාධය වෙත තහවුරු කර තිබේ.

2017 වසරේ ජුලි මාසයේ දී ස්ටෙන් ලී ගේ බිරිඳ වන, ජෝනා මිය ගියේය.

ස්ටෙන් ලී 1939 වසරේ දී සිය නිර්මාණ ජීවිතය ආරම්භ කරන ලදි. ඔහු රචකයෙක්, කතෘවරයෙක් සහ ප්‍රකාශකයෙක් ලෙසින් ද ප්‍රසිද්ධියක් උසුලයි. එබැවින් ම ඔහුව බහුමාධ්‍ය යෝධයෙකු ලෙස ද හැදින්වේ.

2009 වසරේ දී වර්ල්ඩ් ඩිස්නි සමාගම විසින් ඩොලර් බිලියන 04ක මුදලකට ස්ටෙන් ලී සතුව පැවැති ‘Marvel Entertainment‘ මිලදී ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *