HIV රෝගීන් වැඩිම සංඛ්‍යාව 2017 දී හඳුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දැනට ඇස්තමේන්තු කර ඇති එච්. අයි. වී. රෝගීන් ගණන 3,500ත් 4,200ත් වුවද ඔවුන්ගෙන් තුනෙන් එකක පිරිසක් තවමත් තමන් එච්. අයි. වී. ආසාදිත බව නොදන්නේ යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

2017 වසරේ පමණක් එච්. අයි. වී රෝගීන් 285 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එය ඉතිහාසේ මෙතෙක් වාර්තා වූ වැඩිම වාර්ෂික රෝගීන් ගණන වේ.

එසේම සෑම සතියකම නව එච්. අයි. වී රෝගීන් 5ත් 6ත් පමණ හඳුනා ගනු ලැබේ. ඔවුන්ගෙන් බහුතරය 15 – 49 වයස් කාණ්ඩයට අයත්ය.

වසර 2025 දී ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන කර ගැනීමට එච්. අයි. වී රුධිර පරීක්‍ෂණ සිදු කර එච්. අයි. වී රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමට සදහා සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට වැඩසටහන ගණනාවක් දියත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *