අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(15) දිනයේදී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි.

ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළි‍වෙළ පිළිබදව ‌‌මෙහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන පළමු දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීම සාම්ප්‍රදායික වුවත් ඊයේ(14) දිනයේදී එම අවස්ථාව නොලැබුණු හෙයින් ඔහු අද දිනයේදී මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *