ඉන්ධන මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) – අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු කර ඇත.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 සහ 95 මෙන්ම, සුපිරි ඩීසල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05 කින් පහළ දමන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඒ අනුව මේ දක්වා රුපියල් 145 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140ක් සහ රුපියල් 172 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167ක් වනු ඇත.

ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 116යේ සිට රුපියල් 111 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 141 සිට රුපියල් 136 දක්වා පහත දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *