ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝ ලිබර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පලස්තීන සටන්කාමීන් හා ඊශ්‍රායල හමුදා අතර ගාසා තීරයේ පවතින ගැටුම් පසුගිය දින දෙකේදී උග්‍ර අතට පත් විය. ගැටුම් අවසන් වීමත් සමග ඊශ්‍රායලය සටන් විරාමයකට එකගවිය.

එම තීරණයට විරෝධය පල කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම මෙම සටන් විරාමය ඇවිග්ඩෝ ලිබර්මන් හඳුන්වා ඇත්තේ ‘ත්‍රස්තවාදයට යටත්වීමක්‘ ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *