ලෝකාන්තයට ආරක්ෂිත දැලක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් ආරක්ෂිත දැලක් එළිමට වනජීවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත. අවධානම් ස්ථාන දෙකක් ඒ සඳහා තෝරාගෙන තිබේ.

පසුගියදා ජර්මන් ජාතික කාන්තාවක් කන්දෙන් පහළට පෙරළීමෙන් මිය ගියේය. එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. අදාළ සාකච්ඡාව පැවැත් වුනේ මධ්‍යම පළාත් සහකාර වනජීවි අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් අතර ය.

හෝර්ටන් තැන්න ලෝකාන්තය නැරඹිමට වසරකට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහකි. ආරක්ෂාව පිළිබඳ ඔවුන් දැනුවත් කිරිමට ද පියවර ගෙන තිබේ. ආරක්ෂිත නැරඹුම් මධ්‍යස්ථානයට නොගොස් වෙනත් ස්ථානවලින් නැරඹිම නිසා ගැටළු රැසක් මතුව තිබේ.

ඒ අනූව යුද හමුදා කඳවුරුවල දැනට භාවිත කරන පරිසර හිතකාමී ආරක්ෂක දැල් එළීමට සැළසුම් කර ඇති බව හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ භාරකරු ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

පැමිණෙන සංචාරකයන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන අවස්ථාවේම ආරක්ෂාව පිලිබඳව සැලකිලිමත්වන ලෙස එම සංචාරකයන් දැනුවත් කිරිමට විවිධ ක්‍රම මගින් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *