ජාතික කිරි ගොවි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – කිරි ඉතිරෙන රටක් සදහා දේශීය කිරි ගොවියා බල ගන්වන ශ්‍රී ලංකාවේ පළමු ජාතික කිරි ගොවි සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මිල්කෝ කිරි ගොවි සමාජ ආරක්ෂක අරමුදලේ ප්‍රතිලාභ ප්‍රදානය සහ ගොවි දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව සිදු විය.

වස විස නැති කිරි ජාතික වැඩසටහන යටතේ මිල්කෝ නවතම නිෂ්පාදනයක් හදුන්වාදීම ද මෙහිදී සිදු කෙරුණු අතර එහි පළමු නිෂ්පාදනය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

නව නිෂ්පාදනය මිලදී ගත් අලෙවි නියෝජිතයන් වෙත හිමිකම්පත් ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි, වයඹ පළාත් හිටපු අමාත්‍ය සුමල් තිසේරා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථීකය පිළිබ`ද අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න, මිල්කෝ ආයතනයේ සභාපති සුල්ෆිකාර් කාදර් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *