ඇපෙක් සමුළුව එකඟතාවයකින් තොරව අවසන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පැපුවානිව්ගිනියාවේ දී පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් ඇපෙක් සමුළුව එකඟතාවයකින් තොරව ඊයේ(18) නිමාවට පත්ව තිබේ.

ඒ චීනය හා අමෙරිකාව අතර පවතින මතභේද හේතුවෙනි.

මෙම සමුළුව එකඟතාවයකින් තොරව අවසන් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. චීනය හා අමෙරිකාව සමුළුවේ දී එකිනෙකාට චෝදනා කරනු ලැබීය. එකඟතාවක් නොමැති නිසා, සමුළුව අවසානයේ ප්‍රකාශනයක් ද නිකුත් කර නොමැත.

කෙසේ නමුත් එහි අවසන් ප්‍රකාශනය පසුව නිකුත් කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සමුළුව අමතමින් සත්කාරක රාජ්‍යය වන පැපුවානිව්ගිනියාවේ අගමැති පීටර් ඔනෙල් කියා සිටියේ, සමුළුවේ සිටින බලවත් රාජ්‍යයන් දෙක එකඟතාවයකට පැමිණීමට අසමත් වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *