මැතිසබයේ ගැලරිය අද මහජනතාවට විවෘත නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුවේ ගැලරිය අද(19) දිනයේ දී මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව කතානායක කාර්යාලය සදහන් කළේය.

සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වුවත් අද දිනයේ දී එය මෙලෙස සීමා කර තිබේ.

ඒ අනුව අද පාර්ලිමේන්තුව විවෘත වන්නේ මාධ්‍ය සඳහා පමණකි.

අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *